කුරුණෑගල දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ යතුරුපැදියක් වාහන කිහිපයක් ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයක ගැටී ඊයේ (25) අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු කටුගස්තොට රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී පැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 22ක් වූ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.