ඌරට තැබූ වෙඩි වැදී දැරියක මරුට

Share

හෙට්ටිපොල මඟුලාගම ප්‍රදේශයේ දී ඌරන් දඩයම් කිරීමට තබන ලද අපරික්ෂාකාරී වෙඩි තැබීමකින් දැරියක් මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මඟුලාගම ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබූ බෝර 12 පතොරම් ගිනි අවිය, එම තුවක්කුවට අදාල 2025 වර්ෂයේ බලපත්‍රය හා හිස් පතොරම් කොපු 02 ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන මගුලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News