රුවන්වැල්ල දෙස සිට දන්නෝරුව දෙසට ධාවනය වූ මගී ප්රවාහන බස් රථයක ඉදිරිපස පාපුවරුව අසල ගමන් ගත් පුද්ගලයෙකු ඊයේ (10) බස් රථයෙන් ඇද වැටී මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 64ක් වන හුඹස්වලාන, රුවන්වැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පාපුවරුවෙහි වාඩි වී ඇති බවත්, ඒ සමඟම පාපුවරුවෙන් ඇද වැටී ඇති බවත්, දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.