ජනාධිපති අනුර කුමාර දිසානායක හා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (11) පැවැත්විණි .
සුරාබදු දෙපාර්තමේන්තුවේ දැනට තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සහ මෙම වසරේ ආදායම් ඉලක්ක සපුරා ගැනිම යන කරුණු අරමුණු කර ගනිමින් මෙම හමුව පවත්වා තිබෙනවා.
බදු අය කිරීමේ කාර්යක්ෂමතාව හා සාධාරණ බව තහවුරු කිරීම සඳහා සුරා බදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ ජාලගත කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
සුරාබදු දෙපාර්තමේන්තුවෙහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මානව සම්පත් හා තාක්ෂණික සංවර්ධන සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.