අමෙරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගින්නක් හටගෙන තිබෙනවා.
ඒ ඩෙන්වර් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී.
යානය කොලරාඩෝහි ස්ප්‍රින්ග්ස් සිට ටෙක්සාස්හි ඩලස් ෆොර්ට්වර්ත් ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ගමන් කරමින් සිට තිබෙනවා.
නමුත් එහි එන්ජින්වල කාර්මික දෝෂයක් පෙන්නුම් කර ඇති බැවින් ඩෙන්වර් වෙත හරවා යවා ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී යානය ගොඩබෑමෙන් අනතුරුව ගිනිගෙන තිබෙනවා.
එම අවස්ථාවේදී යානයේ මගීන් 172ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සියලුදෙනා නිරුපද්‍රිතව බෙරගෙන තිබෙනවා.