ගොවිජනතාවට ලබාදෙන පොහොර සහනාධාර මුදල් සොරාගෙන ඇති බවට අනාවරණයක්

Share

රජය විසින් ගොවිජනතාවට ලබාදෙන පොහොර සහනාධාරය ඇතැම් ගොවීන්ට නොලැබී ඇති බවත්, අහිංසක ගොවිජනතාවගේ එම පොහොර සහනාධාරය වංචා කළ පුද්ගලයන්ට එරෙහිව ගතහැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

අද (18) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය,

”ගොවි ජනතාවගෙන් පැමිණිලි ගොඩක් එනවා. මේ සම්බන්ධයෙන් විවිධ උත්තර ලැබුණා. අපි මේ සම්බන්ධයෙන් තොරතුරු සෙව්වා. ඒ අනුව මේ වනවිට පරීක්ෂණයක් සිදු කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් ගොවීන් 155 දෙනෙකුට ලබාදුන් පොහොර සහනාධාර මුදල් රුපියල් 2,934,310ක් සොරගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ගහ හැකි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා”

Read more

Local News