වෘත්තීය සමිතිවල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම සිදු කර තිබියදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ ඊයේ (19) ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේදීය.