පර්සියානු බොක්ක අරාබි මුහුද සම්බන්ධ කරන හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම තුළ තෙල් ක්ෂේත්රයේ ද ස්වාභාවික වායු ගෑස් ක්ෂේත්රයේත් බරපතල ගැටලුවක් උද්ගත වන බවත් ඉරාන පාර්ලිමේන්තු තීන්දුවක් අනුව හෝමුස් සමුද්‍ර සන්ධිය වැසීමට පියවර ගැනීමට නියමිත බවත් මේ තත්ත්වය තුළ ලෝකයේ තෙල් සැපයුමෙන් 20-30%ක් අතර ප්‍රමාණයකට මෙන්ම ස්වාභාවික ගෑස් සැපයුමෙන් 1/3කට වැඩි ප්‍රමාණයක් මේ සමුද්‍රසන්ධිය හරහා සිදුවන නිසා තෙල් සහ ගෑස් මිල අධික ලෙස ඉහළ යෑමේ තත්ත්වයක් මතුවන බවට බොහෝ පාර්ශ්ව අනතුරු අගවන බැවින් රටක් ලෙස ප්‍රේක්ෂකයන් ලෙස බලා නොසිට ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් පවත්වා උද්ගත වී ඇති බරපතල ගැටලුවට විසදුම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම මේ හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීම තුළ බලශක්ති ක්ෂේත්රයට සිදුවන බලපෑමට විකල්ප ක්‍රියාමාර්ග ගත යුතු බවත් මේ වන විට ඉන්දියාව රුසියාවෙන් ගන්නා තෙල් ප්‍රමාණය වැඩි කර ඇති බවත් අප ද රටක් ලෙස පියවර ගෙන මැදපෙරදිග සේවය කරන ශ්‍රමිකයන්ගේ ජීවිත ආරක්ෂාව ගැන ද සොයා බැලිය යුතු බවත් මේ උද්ගත වී ඇති තත්ත්වය තුළ යම් රැකියා අහිමිවීමක් සිදුවුවහොත් එය රටට බරපතල ලෙස බලපාන බැවින් ඒ ගැන ද සොයා බලන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.
තවද සංචාරක ක්ෂේත්රයට ආර්ථික වර්ධනයට උද්ධමනයට නිෂ්පාදනයට අපනයනවලට විදේශ සංචිතවලට සෘණාත්මක බලපෑමක් සිදුවන බවත් මෙවැනි තත්ත්වයක් තුළ වත්මන් රජය අප රටේ ආර්ථික වර්ධනයට දායකත්වයක් ලබා දෙන කර්මාන්ත කෘෂි සේවා ඇතුළු සියලු ම ක්ෂේත්රවලට නිර්මාණය වන අගතිගාමී බලපෑම මඟහරවා ගැනීමට ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර පවතින අර්බුධයට විසදුම් දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
එසේ ම හදිසි ආර්ථික සැලසුමක අවශ්‍යතාව ඇති බවත් එය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවත් මේ ආර්ථික සැලසුම ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කළ යුතු බවත් ද්විපාර්ශ්වීය හා බහු පාර්ශ්වීය සබඳතා වර්ධනය කර ගෙන ජාත්‍යන්තරය සමඟ එකතු වී අප රටට මුහුණ දෙන්න ඇති අභියෝගවලට විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතු බවත් මේ තත්ත්වය අප රටේ ආර්ථීක වර්ධනයට බලපාන නිසා අයි. එම්. එෆ්. එකත් සමඟ උපක්රමශීලීව සාකච්ඡා කර ලිහිල් පියවරක් කරා යොමුවන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
එසේ ම ගෝලීය දකුණ අප රටට නායකත්වය ලබා දෙන්න හොඳ අවස්ථාවක් බවත් සාර්ක් සංවිධානය ඇතුළු ගෝලීය සංවිධාන කේන්ද්‍ර කර ගෙන ගෝලීය දකුණේ අප මුහුණ දෙන අභියෝගයන්ට ලෝකයාගේ අවධානය යොමු කර පවතින උණුසුම අඩු කර ගැනීමට යුදමය තත්ත්වය පහළ දැමීමට කළ හැකි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම සිදු කරන ලෙසත් ඒ සදහා ජාතික ආරක්ෂක කවුන්සලයේ හදිසි රැස්වීමක් කැදවා මේ ගෝලීය තත්ත්වය ගැන සාකච්ඡා කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.