මිද්දෙණියේ ද්විත්ව ඝාතනය ගැන පොලිස් කණ්ඩායම් කීපයකින් පරීක්ෂණ.

Share

මිද්දෙණිය තෝරකොළයාය ප්‍රදේශයේ තිබී වෙඩි තබා ඝාතනය කල බවට සැක කෙරෙන තරුණයන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. මිද්දෙණිය පොලීසියට ලද තොරතුරක් මතයි මෙම සිරුරු සොයාගෙන ඇත්තේ. සිද්ධිය සිදුවු ස්ථානයට ආසන්නයේ තිබී පිස්තෝල වර්ගයේ උණ්ඩ 5ක් සොයාගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තෝරකොළයාය තනිහේන ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු සහ කුඹුගොඩ ආර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකුයි. ඝාතනයට ලක් වුවන් යතුරුපැදියකින් ගමන් ගන්නා අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුව ඇති බවටයි පොලීසිය සැක පල කරන්නේ. සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Read more

Local News