ගංගාවල ජල මට්ටම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඇල්ලගාව සහ පටුපාවුල ප්‍රදේශයේ ගංවතුර මට්ටමේ සුළු වැඩිවීමක් පෙන්නුම් කෙරේ. රත්නපුර හා මිල්ලකන්ද ප්‍රදේශවල ජල මට්ටම අඩුවෙමින් පවති.
ගිං ගගේ ද ගංවතුර මට්ටමක් පවතින්නේ බද්දේගම ප්‍රදේශයේ පමණක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේය.
තවලම ප්‍රදේශයෙන් ගිං ගඟ සාමාන්‍ය තත්වයට පත්ව තිබේ. පානදුගම ප්‍රදේශයේ පවැති ගංවතුර මට්ටම ක්‍රමයෙන් අඩුවෙමින් පවති.
මාඔයේ මෙන්ම, අත්තනගලු ඔයේ ද ජල මට්ටම ද මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව වාර්තා වේ.