අධි බලැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන යමින් සිටි ලොරි රථයක් හබරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට.
හබරණ හතරැස් කොටුව ප්‍රදේශයේ පිහිටි පොලිස් මුරපොළේ සේවය කරමින් සිටි නිලධාරීන් විසින් ඊයේ (29) පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ ලොරි රථයේ තිබී අධි බලැති පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇති බවයි.
රියදුරු අසුන ළඟ පිහිටි ඩෑෂ් බෝඩ් යට සඟවා තිබියදී පුපුරණ ද්‍රව්‍යය සොයාගෙන තිබෙනවා . ඒවා නීතිවිරෝධී ලෙස රැගෙන ආ බව පොලිසිය කියා සිටින අතර, එම පුපුරණ ද්‍රව්‍යය පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත්, එය වාහනයට සැඟවූයේ වෙනත් අයෙකු විය හැකි බවත් රියදුරා පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.
අදාළ ලොරි රථය ගාල්ල දිස්ත්‍රික්කයේ ලබුදූව ප්‍රදේශයේ සිට කන්තලේ බලා ගමන් කරමින් සිටියදී මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ හබරණ පොලීසිය මඟින් සිදුකරනු ලබනවා.