LG Abans ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරඟයේ ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ(02) සමත් වී ඇත. දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවති තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දුන්නා. තරඟය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 245ක ඉලක්කයට පිළිතුරු ලෙස බංග්ලාදේශයට පන්දුවාර 35.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 167ක්.
