අනතුරු නිසා වසරකට පුද්ගලයින් 12000 පමණ ජීවිතක්ෂයට පත්වන බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසනවා. ඉන් 1/4 ක් මාර්ග රිය අනතුරු බවයි වාර්තා වන්නේ. නොදැනුවත්කම හා අත්හදාබැලීම් හේතුවෙන් ළමුන් හදිසි අනතුරුවලට ලක්වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය පවසනවා.