මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේ අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලීසිය වෙඩි තබා තිබෙනවා. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මතයි දුන්ගල්පිටිය පොලීසිය ලෙල්ලම මාර්ග බාධකයේ දී මෙම යතුරුපැදිය නවතන ලෙසට සංඥා කර තිබෙන්නේ. නමුත් එම අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් වෙඩි තැබීම සිදු කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළේ. එහි දී එක් පුද්ගලයකුගේ පාදයට වෙඩි වැදී ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.