තියුණු ආයුධයකින් පහර දී කුරුවිට තරුණියක් ඝාතනය කරයි.

Share

කුරුවිට පොලිස් වසමේ දෙවිපහළ දොඩන්ඇල්ල මාර්ගයේ දී විසි හය හැවිරිදි තරුණියක ඝාතනය කර තිබෙනවා. ගෙල කපා මෙම ඝාතනය සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ. ඝාතකයින් මෙතෙක් හඳුනාගෙන නැහැ. සිය දියණිය රාජකාරී කටයුතු අවසන් වී නිවසට පැමිණීම ප්‍රමාද වූ නිසා නිවැසියන් ඇයව සොයන අතරතුරයි ඇගේ සිරුර හමුව ඇත්තේ. ගෙල බැඳී රන්මාලය හා තවත් භාණ්ඩ කිහිපයක්ද ඝාතකයා විසින් මංකොල්ල කා ඇති බව පොලිසිය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Read more

Local News