වෛද්‍ය මහේෂි විජේරත්නට ඇප

Share

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන් වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය නමැති වරද සිදු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(15) නියම කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකාරිය රුපියල් 50000/- ක මුදල් ඇප සහ රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග නියෝග කළා. සැකකාරියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලු වීම තහනම් කෙරුණා. විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.

Read more

Local News