අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී ඉන් පලා යමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 50 ක් යටතේ නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අලුත් නඩුවක් ගොනු කර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ මෙම නඩුව අද කැඳවනු ලැබුවා. ඉන් අනතුරුව එම නඩුවට අදාළව විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම සිදුකළා.
අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු කොස්තාපල්වරයකු වන රවිදු සන්ධිප ගුණසේකර, දිනේෂ් තරංග, රුවන් චාමර හෙවත් මිදිගම රුවන් සහ සංජීව අබේසිංහ යන විත්තිකරුවන් නම් කර තිබෙනවා.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී දැඩි ආරක්ෂක විධිවිධාන මැද අදාළ විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබූණා.අද චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකනු ලබාගෙන වාර්තා කැඳවීමටද අධිකරණය නියම කළා.