කීර්තිබණ්ඩාරපුර රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයෙකු අද (05) උදෑසන අල්ලස් ලබාගනිමින් සිටියදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ලොරි රථයකින් රුපියල් 10,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් ස්ථානාධිපතිවරයා වලපනේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.