මහජනතාවට මුහුණ දීමට සිදුවන අපරාධ සහ වෙනත් ගැටළු සම්බන්ධයෙන් ක්ෂණිකව පොලිසිය දැනුවත් කිරීම සඳහා පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් අද (13) සිට නව WhatsApp සේවාවක් ආරම්භ කර තිබෙනවා.
මෙම අලුත් සේවාව හරහා මහජනතාවට පමණක් නොව, පොලිස් නිලධාරීන්ට ද ඔවුන්ගේ ගැටළු සහ තොරතුරු පොලිස්පතිවරයා වෙත සෘජුවම දැනුම් දීමට අවස්ථාව ලැබෙනවා.
ඒ සඳහා යොදා ගත යුතු දුරකථන අංකය වන්නේ 071 – 8598888 යි.
මෙම අංකය භාවිතා කරමින් කෙටි පණිවිඩ, වීඩියෝ දර්ශන සහ ඡායාරූප යොමු කිරීමට හැකි වන අතර, දුරකථන ඇමතුම් ලබා ගැනීම සඳහා මෙම අංකය භාවිත කළ නොහැකි බවද පොලිසිය සඳහන් කරනවා.