දකුණු කොරියානු ඉතිහාසයේ ප්‍රථම වරට ජනපති සහ ආර්යාව යන දෙදෙනාම සිරගත කරයි

Share

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම මින්පෙර සිරගත කර ඇතත්, හිටපු ජනාධිපති යූන් සුක් යෙයොල්ගේ (Yoon Suk Yeol) බිරිඳ වන කිම් කියොන් හී (Kim Keon Hee) සමඟ ඔහු සිරගත කිරීම දකුණු කොරියානු ඉතිහාසයේ පළමු වරට සිදු වූවක්.

කොටස් වෙළෙඳපොළ හැසිරවීම, අල්ලස් ගැනීම සහ මැතිවරණ ව්‍යාපාරවලට බලපෑම් කිරීම වැනි චෝදනා මත‍යි කිම් කියොන් හී අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඇය සියලු චෝදනා ප්‍රතික්ෂේප කළද, සාක්ෂි විනාශ කිරීමේ අවදානමක් පවතින බව පෙන්වා දෙමින් අධිකරණය ඇයට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි එරට ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Read more

Local News