තැපැල් සේවක වෘත්තිය සමිති කිහිපයක් විසින් (17) දින පස්වරුවේ සිට ආරම්භ කළ වෘත්තිය සමිති ක්රියාමාර්ගය හේතුවෙන් නුවරඑළිය දිස්ත්රික්කයේ ප්රධාන තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.
තැපැල් නිළධාරීන්ගේ අතිකාල ගෙවීම්, පාලන කාර්යාල සහ ගිණුම් කාර්යාල වල නිළධාාරින් ඇගිලි සළකුණු යන්ත්රවල පැමිණීම සහ පිටවීම සටහන් වියයුතු බවට දී ඇති උපදෙස් වලට විරෝධය පල කරමින් සහ ප්රධාන ඉල්ලීම් 8ක් මුල් කර ගනිමින් මෙම වෘත්තිය සමිති ක්රියාමර්ගය ආරම්භ කොට තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.