හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. අත්අඩංගුවට ගත් සැකකරු යුධ හමුදා විශේෂ බලකායේ හිටපු සෙබළෙකු බවයි තවදුරටත් අනාවරණය වී ඇත්තේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් සිදුකළ මෙහෙයුමක් ඔස්සේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.