හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පුද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් භාවිතා කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (FCID) ප්‍රකාශයක් ලබා දීමට පැමිණ තිබෙනවා.
වාර්තා වන පරිදි මෙම සංචාරය 2023 සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල සිදු වී ඇති අතර, හිටපු ජනාධිපතිවරයා සමඟ තවත් පුද්ගලයන් දස දෙනෙකු ඒ සඳහා එක්ව සිටියා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනය සඳහා මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන්ගෙනුත් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.