හම්බන්තොට, සූරියවැව, වැවේගම ප්‍රදේශයේ වනයක් තුළ පිහිටි වාඩියක දී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් සිදු කළ වෙඩි තැබීමකින් සැකකරුවෙකු මියගොස් තිබෙනවා.
මෙම සිදුවීම අද අලුයම සිදු වී ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායට වෙඩි තබා ඇති බව පොලිසිය සඳහන් කළා.
එයට ප්‍රතිචාර ලෙස පොලිස් විශේෂ කාර්ය බලකායද වෙඩි තැබීමක් සිදු කර ඇති අතර, එහිදී සැකකරු මියගොස් තිබෙනවා.
මියගිය සැකකරු සමඟ සිටි තවත් පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකායට අත්බෝම්බයක් දමා එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව ද වාර්තා වෙනවා.