“ අද වැඩට නොඑන තැපැල් සේවකයන්ට මේ 25 පඩි නෑ..! ”රජයෙන් නිවේදනයක්

Share

අද දිනයේ දී සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයන්ට මේ මාසයේ වැටුප් නිකුත් නොකරන බව මහා භාණ්ඩාගාරය නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම වර්ජනයේ නිරතව සිටින තැපැල් සේවකයන්ගේ මේ මස වැටුප් නොගෙවන බව තැපැල්පති රුවන් සත්කුමාර පවසනවා.

සිය මසක වැටුප ලබා ගැනීමට අවශ්‍ය නම් වහාම සේවයට වාර්තා කරන ලෙස දන්වා වර්ජකයන් වෙත ලිපියක් යොමු කර ඇති බවත්, ඒ පිළිබඳ අදාළ වෘත්තීය සමිති වෙත ද නිල වශයෙන් දැනුම් දුන් බවත් ඔහු සඳහන් කළා.

පවතින වර්ජනය හේතුවෙන් මේ වන විට රුපියල් මිලියන 140 ක පමණ පාඩුවක් සිදුව ඇති බවත්, මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසී තිබූ තැපැල් බෑග් බෙදාහැරීම මේ වන විට සිදු වෙමින් පවතින බවත් තැපැල්පතිවරයා පෙන්වා දුන්නා.

“වැටුප් ගෙවීමට භාණ්ඩාගාරයෙන් මුදල් අවශ්‍යයි. වර්ජනයේ නිරතව සිටින අයට මුදල් නිකුත් නොකරන බව මට දැනුම් දී තිබෙනවා. ඒ නිසා සේවයට වාර්තා කර සිටින සේවකයන්ට පමණක් වැටුප් ලැබීමට ඉඩ තිබෙනවා.” යනුවෙන් ද තැපැල්පතිවරයා ප්‍රකාශ කළා.

Read more

Local News