ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අනුව, ලංගම සහ පෞද්ගලික බස් රථ සඳහා ඒකාබද්ධ කාලසටහනක් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව කොළඹ – හලාවත, කොළඹ – පුත්තලම, කොළඹ – ආනමඩුව, කොළඹ – එළුවන්කුළම සහ කොළඹ – කල්පිටිය, ගමන් මාර්ගවල මෙම ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මකයි.
මීගමුව – කල්පිටිය, කොළඹ – මන්නාරම, කොළඹ – තලෙයිමන්නාරම, කොළඹ – කුලියාපිටිය, කොළඹ – නිකවැරටිය, කොළඹ – කුලියාපිටිය, කොළඹ – අනුරාධපුර, කොළඹ – වව්නියාව, කොළඹ – කිලිනොච්චිය, කොළඹ – යාපනය, කොළඹ – කන්කසන්තුරේ, කොළඹ – කරෙයිනගර් සහ කොළඹ – තුන්නුක්කායි, යන ගමන් මාර්ග වලද මෙම කාලසටහන ක්‍රියාත්මකයි.
මෙම වැඩපිළිවෙළ යටතේ කොළඹ සිට උතුරු සහ වයඹ පළාත්වල ප්‍රධාන ගමනාන්ත කරා ධාවනය වන බස් රථවල රියදුරන්ට විවේක ගැනීමට අවස්ථාව ලැබෙන අතර, මගීන් සඳහා සෞඛ්‍ය පහසුකම් ද නියාමනය කරනු ඇති බවයි වාර්තා වන්නේ.
පළමු ගමන්වාරය අද මධ්‍යම රාත්‍රියේ කොළඹ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් අංගනයෙන් ආරම්භ කිරීමට නියමිත බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.