ශ්‍රී ලංකාවේ හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් මහතා, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තම විරෝධය පළ කරමින් සහ ඔහුව වහාම නිදහස් කරන ලෙස ඉල්ලා තම X ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි. තවද, 2022 දී ශ්‍රී ලංකාව දරුණු ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේදී රට බේරා ගැනීමට ඉදිරිපත් වූ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත්, ඔහුට එල්ල වන චෝදනාවලට කිසිදු පදනමක් නොමැති බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.
සෝල්හයිම් මහතා තවදුරටත් කියා සිටින්නේ, ශ්‍රී ලංකා රජය දූෂණයට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළට තමන් පූර්ණ සහයෝගය ලබා දෙන නමුත්, සැබෑ ගැටලු විසඳීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි.
