අනුරාධපුර – ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ සිදු කළ නීතිවිරෝධී නිදන් කැනීම සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ CID අත්අඩංගුවට

Share

නිදන් හෑරීම සම්බන්ධ සිද්ධියක් වෙනුවෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ මහතා අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට පෙර, ඔහුගේ බිරිඳ ඇතුළු තවත් 8 දෙනෙක් නිදන් හෑරීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය බිරිඳ ඇතුළු පිරිස කළ මෙම ක්‍රියාව ගැන කල් තියා දැන සිටි බවත්, එම අවස්ථාවේදී ඔහු අනුරාධපුරයේ සිට ඇති බවත්ය. ඔහුගේ බිරිඳ මුදා ගැනීම සඳහා අනුරාධපුර පොලිස් නිලධාරීන්ට බලපෑම් කර ඇති බවටද තොරතුරු හෙළි වී තිබෙනවා.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නියෝග මත ආරම්භ කළ මෙම විමර්ශනය සඳහා දුරකථන විශ්ලේෂණ සහ ආරක්ෂක කැමරා දර්ශන ඇතුළු විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගෙන තිබෙන බව CID සඳහන් කළා.

Read more

Local News