ශරීර ඇප මත ඩයනා මුදාහරී

Share

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව රුපියල් මිලියන 10 ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.


ඩයනා ගමගේ මහත්මිය සිය නීතිඥවරු මාර්ගයෙන් අද අධිකරණයට ඉදිරිපත් වී තිබූ අතර ඉන් අනතුරුව විත්තිකාර ඩයනා ගමගේ රුපියල් මිලියන 10 ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම නියෝග කර තිබුණා.


වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම ඇතුළු චෝදනා යටතේ ඩයනා ගමගේට එරෙහිව ගොනු කර තිබූ නඩු 07 ක් ඉකුත්දා කැපවූ අවස්ථාවේදී ඇය අධිකරණය හමුවේ පෙනී සිට නැහැ.


ඒ අනුව මෙම වරෙන්තු නිකුත් කිරීම සිදු වු බව‍යි වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Read more

Local News