රනිල් වික්‍රමසිංහගේ නීතිකෘත්‍ය කොළඹ මහාධිකරණයේදී ඇරඹෙයි

Share

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නඩු කටයුත්ත මේ වන විට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගෙන තිබෙනවා.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අවට ප්‍රදේශයේ පොලිස්, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් විසින් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවටයි වාර්තා වන්නේ.

අගෝස්තු 22 වැනි දින, නිල සංචාරයක මුවාවෙන් පෞද්ගලික සංචාරයක නිරත වීමෙන් රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලදී. පසුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන තිබෙනවා.

ඔහුගේ හදිසි රෝගී තත්ත්වය හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා දැනට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටීම හේතුවෙන් අද දින ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද, ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් එය සිදුකිරීමට නොහැකි බව වෛද්‍යවරුන් පවසා තිබෙනවා.

Read more

Local News