SSP සතිෂ් ගමගේ ලබන 16 වනදා දක්වා රිමාන්ඩ්

Share

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජේෂ්ඨ පොලිස් අධිකාරී සතීස් ගමගේ මහතා තවදුරටත් ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. 

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. 

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සංවිධානාත්මක අපරාධකරුවන්   සහ පොලිසිය වෙත සේවය ලබා ගැනීමට පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් වශයෙන් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. 

එම මුදල් බැංකු ගිණුම් තුනක තිබී හමුවී තිබෙන බවත් අල්ලස්  කොමිසම මීට පෙර අධිකරණය හමුවේ  කියා සිටියා.

Read more

Local News