කෙහෙළියගේ නඩුව අවසන්

Share

මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයේ නඩු පැවරූ බැවින්, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුතු අවසන් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම නියෝග ක‍ර තිබෙනවා.

ඒ අනුව, විත්තිකරුවන්ට නියමිත දිනවලදී මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කර තිබෙන අතර, මෙම පවුලේ සාමාජිකයන් වන කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනා අධිකරණය හමුවේ පෙනී සිටි බවටයි වාර්තා වන්නේ.

හිටපු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් බැංකු ගිණුම්, රක්ෂණ ඔප්පු සහ වාහන අයථා ලෙස උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් කර ඇති බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ . මෙම චෝදනා මත ඔවුන්ට මීට පෙර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබුණා.

Read more

Local News