නේපාලයේ පවතින උද්ගත වූ තත්ත්වය හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය නේපාලයට සිදුකරන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට එරෙහිව ඊයේ (09) ආරම්භ වූ විරෝධතා පාලනය කිරීම සඳහා එරට ආරක්ෂක අංශවලට නීතිය හා සාමය පවත්වාගෙන යාමේ වගකීම භාර දී තිබෙන බවයි වාර්තා වන්නේ. මෙම විරෝධතාවලදී අගමැති සහ ජනාධිපති නිවාස ඇතුළු රජයේ ගොඩනැගිලි රැසකට හානි සිදු කර ගිනිබත් කර ඇත. මේ හේතුවෙන් නේපාලයේ අග්‍රාමාත්‍ය KP ෂර්මා ඔලි සහ ජනාධිපති රාම් චන්ද්‍ර පෝදල් සිය ධුරවලින් ඉල්ලා අස්වී ඇත. එසේම, එරට ගුවන්තොටුපොළ ද තාවකාලිකව වසා දමා ඇති බවත් වාර්තා වනවා.
මේ අතර, විදේශ අමාත්‍යාංශය නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂිතව නිවෙස්වල රැඳී සිටින ලෙස දැනුම් දී ඇති අතර, අවශ්‍යතාවක් ඇතිවුවහොත් සම්බන්ධ කරගැනීම සඳහා දුරකථන අංකයක්ද ලබා දී ඇති බවටයි වැඩිදුරටත් වාර්තාව වන්නේ.