නේපාලයේ කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ යළි විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් නැවත ආරම්භ වී තිබෙනවා.
නේපාලයේ ඇති වූ අරගලකාරී තත්ත්වය හේතුවෙන් ගුවන්තොටුපොළ වසා දැමීම නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවය පෙරේදා (10) ගුවන් ගමන් අත්හිටුවා තිබුණි. ඒ අනුව කත්මණ්ඩු බලා යාමට පැමිණ සිටි ගුවන් මගීන් 35 දෙනෙකුට නවාතැන් සහ හෝටල් පහසුකම් සපයා තිබෙනවා.
අද (11) උදෑසන 8.15 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL-181 දරන ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළෙන් කත්මණ්ඩු බලා පිටත්ව ගොස් ඇති අතර, එය දහවල් 11.41 ට පමණ කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබස්වීමට නියමිතයි. එම ගුවන් යානයම නේපාලයේ සිටින මගීන් රැගෙන අද පස්වරු 4.40 ට නැවත කටුනායකට පැමිණෙනු ඇති බවටයි තව දුරටත් වාර්තා වන්නේ.
දැනට ශ්‍රී ලංකාවේ සිට නේපාලයට ගුවන් ගමන් ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය පමණක් වන අතර, එම ගුවන් ගමන් සතියේ දින හතරක් වන ඉරිදා, සඳුදා, බදාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල ක්‍රියාත්මකයි.