ආගමික සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රය අතර යහපත් සම්බන්ධතාවයක් ගොඩනැගීමට දායක වූ ශ්‍රී ලංකා කතෝලික සභාවේ හිටපු ජනසන්නිවේදන අධ්‍යක්ෂ ගරු බෙනඩික්ට් ජෝසෆ් ප්‍රනාන්දු පියතුමා ස්වර්ගස්ථ වී තිබෙනවා.
එතුමා සිය ජීවිතයේ අවසාන භාගයේදී රෝගාතුරව සිටිය ද සමාජයේ පැසසුමට සහ ඇගයීමට ලක් වන ාඅකාරයෙන් කටයුතු කර තිබෙනවා. කොළඹ හැව්ලොක් ප්‍රදේශයේ පිහිටි කතෝලික සභාවේ ‘Evening Stars’ නමැති විශ්‍රාමික නිවහනේදීයි එතුමා තම දිවි ගමන මෙලෙස අවසන් කර ඇත්තේ.