ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්

Share

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 19 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මෙම නියෝගය ලබා දුන්නා.

නීතියට පටහැනිව රුපියල් 8,850,000 ක වන්දියක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂට දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා. අරගලකරුවන් විසින් මහවැලි ඉඩමක ඉදිකර තිබූ සිය දේශපාලන කාර්යාලය ගිනි තබා විනාශ කිරීම හේතුවෙන් මෙම වන්දි මුදල ලබා ගෙන ඇති අතර, එය දූෂණ විරෝධී පනත යටතේ “දූෂණය” යන වරදට අදාළ වන බවට අල්ලස් කොමිසම චෝදනා කර තිබෙනවා.

Read more

Local News