කොළඹ හා ඒ අවට ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව තිබූ නඩුව ඉවත් කිරීමට නීතිපතිවරයා ගත් තීරණයට අභියෝග කරමින් අතුරුදන් වූ තරුණයින්ගේ දෙමාපියන් ගොනු කළ අභියාචනයක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) අවසර ලබා දුන්නා.
නීතිපතිවරයා මුලින්ම වසන්ත කරන්නාගොඩට එරෙහිව නඩු පවරනු ලැබුවේ ප්‍රමාණවත් සාක්ෂි ඇති නිසා බවත්, පසුව ඔහුව නඩුවෙන් ඉවත් කිරීමට ගත් තීරණය නීති විරෝධී බවත් පෙත්සම්කරුවෝ කියා සිටියා. නඩුව ජනවාරි 30 වැනිදා විභාගයට ගැනීමට නියමිතයි.