උදය ගම්මන්පිලගේ පෙත්සම 24ට කල්යයි

Share

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 24 වනදා කැදවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

පෙත්සම්කාර උදය ගම්මන්පිල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා.

කෙසේ වෙතත් උදය ගම්මන්පිල මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අභියාචනාධිකරණයට දැනුම් දී තිබුණා.

Read more

Local News