ඊයේ (17) දින සවස් කාලයේ තිස්සමහාරාම පොලිස් වසමේ සඳුන්ගම ප්‍රගති මාවත ප්‍රදේශයේ ඇළක පුද්ගලයෙකු මියගොස් ඇති බවට තිස්සමහාරාම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණකරු අවුරුදු 45 ක්වූ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු මරණකරුගේ මිතුරෙක් වන අතර ඔහු හා මරණකරු අතර ඇතිවූ පුද්ගලික ආරවුලක් මත බෝතලයකින් පහරදී දියේ ගිල්වා මෙම ඝාතනය සිදු කර අති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ වයස අවු.24 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තිස්සමහාරාම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවටයි වාර්තා වන්නේ.