තුසිත හල්ලොලුවට ඇප

Share

ඉකුත් දා නාරාහේන්පිට ප්‍රදේශයේ දී  ජාතික ලොතරැයි මණ්ඩලයෙන් හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව ගමන් ගත් වාහනයකට වෙඩි තැබීම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තුසිත හල්ලොලුව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රත් අධිකරණය නියම කළා.

ඒ අනුව සැකකරුවරු  ලක්ෂ 50 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා නියම කළා. 

ඉන් අනතුරුව සැකකරු විදේශගත වීම තහනම් කිරීමටද නියම කෙරුණු අතර සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටත් නියම වුණා.

Read more

Local News