පියාගේ හදිසි අභාවයෙන් පසුව දුනිත් වෙල්ලාලගේ දිවයිනට පැමිණෙයි

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සිය පියාගේ අභාවය හේතුවෙන් අද (19) උදෑසන කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබෙනවා. අබුඩාබි නුවර සිට එටිහාඩ් ගුවන් සේවයේ EY-392 දරණ ගුවන් යානයෙන් ඔහු උදෑසන 08.25 ට දිවයිනට ලඟා වි ඇති බවටයි වාර්තා වන්නේ. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (18) අභාවප්‍රාප්ත වූ පියාගේ වියෝව දැනගත් පසු ඔහු මෙලෙස යළි දිවයිනට පැමිණ ඇත. පියා මිය යනවිට දුනිත් ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයට ක්‍රීඩා කරමිනුයි සිට ඇත්තේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙකු සමග පැමිණි ඔහු ඉතා ඉක්මනින් ගුවන් තොටුපළින් පිටව ගිය බවයි තවදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News