අලි රොෂාන් නොහොත් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් නමැත්තාට බලපත්ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකක් සම්බන්ධයෙන් කොළඹ ත්රිපුද්ගල මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 15ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඊට අමතරව ඔහුට රුපියල් ලක්ෂ 206ක දඩයක් ගෙවීමට සහ අදාළ අලියා රාජසන්තක කිරීමට ද නියෝග කර ඇත.
මංජුල තිලකරත්න, ආර්.එස්.එස්.සපූවිද සහ ලංකා ජයරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත මහාධිකරණ විනිසුරු මඩුල්ල දීර්ඝ නඩු විභාගයකින් පසුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. මෙම සිද්ධියට චෝදනා ලැබ සිටි තවත් විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරු මඩුල්ල නියම කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.