අල්ලස් කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් ලබන 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළා.
එම නඩුව විභාග කරන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම අද දින නිවාඩු ලබා සිටීම හේතුවෙන් මෙම නඩුව ලබන සඳුදා දක්වා කල් තැබීමට නියම වුණා.
සැකකාර ශෂීන්ද්‍ර රාජපක්ෂ එදින තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කෙරුණු අතර එදින ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.