ඊයේ (18) දින සවස කාලයේදී මීරිගම පොලිස් වසමේ රේන්දපොල ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තම බිරිඳ ඝාතනය කර තිබෙනවා. මරණකාරිය වයස අවුරුදු 33ක් වන රේන්දපොල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. මෙම ඝාතනය මරණකාරිය සහ ඝාතකයා අතර පැවති පවුල් ආරවුලක් හේතුවෙන් සිදුව ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත. මරණකාරියගේ මළ සිරුර වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවටයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මීරිගම පොලිසිය සිදු කරනු ලබයි.