ජනාධිපති අනුර කුමාර දිසානායක අද (22) දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගි වීම සඳහා අමෙරිකාව බලා පිටත් වීමට නියමිතයි. එරට වේලාවෙන් ලබන 24 වැනිදා පස්වරු 3.15ටයි එතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට ද නියමිතව ඇත්තේ. මෙම සංචාරයේදී ජනපති එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා හා රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට මෙන්ම අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවීමට ද අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද ජනපති සමඟ මෙම සංචාරයට එක්වීමට නියමිත බවයි වැඩිදුරටත් ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කර ඇත්තේ.