යෝෂිත සහ ඩේසිගේ නඩුව ඔක්තෝබර් 15 දාට කල් යයි

Share

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව, ඔක්තෝබර් මස 15 වන දින නැවත කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී සිටි අතර, ඔවුන්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ රුපියල් මිලියන 73 කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් අයථා ලෙස උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කිරීමයි.

Read more

Local News