විදුලිබල සැපයීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක්

Share

විදුලිබල සැපයීමට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායකට 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වැනි වගන්තිය මගින් ලැබී ඇති බලතල යටතේයි මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ.


සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සහ එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම ගැසට් පත්‍රය නිකුත්කර තිබෙන බවට‍යි වාර්තා වන්නේ.

Read more

Local News