කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (22) දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව පවතින රුපියල් ලක්ෂ 369 ක අධික ආදායම් බදු නොගෙවීමේ නඩුව යළිත් දෙසැම්බර් මස 16 වනදා කැඳවීමට නියම කර තිබෙනවා. 2010, 2011 සහ 2012 වර්ෂවල පුද්ගල ආදායම් බදු නොගෙවීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි මෙම නඩුව ගොනු කර ඇත්තේ.
නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහු අධිකරණයේ පෙනී සිටි අතර, විත්තියේ නීතිඥවරයා සඳහන් කළේ මෙම නඩුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කර ඇති බවයි. කෙසේ වෙතත්, දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙතෙක් කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බැවින් මහේස්ත්‍රාත් අධිකරණ නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බවයි.
ඒ අනුව, ආදායම් බදු නොගෙවීමට හේතු ඇත්නම් ඒවා දෙසැම්බර් 16 වනදා ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.