දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්වයේ වැඩි වීම තවදුරටත් බලාපොරොත්තු විය හැක.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 35-45 ක් පමණ වේ.
මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 දක්වා වැඩිවිය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකිය.
මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැක.
ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.