නාමල් රාජපක්ෂට එරෙහි ක්‍රිෂ් නඩුවේ ලේඛන හා මුල් වාර්තා කැඳවීමට නියෝග

Share

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති මුදල් විශුද්ධිකරණ නඩුව අද (26) කොළඹ මහාධිකරණයේදී කැඳවන ලදී.

විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ විත්ති පාර්ශ්වය ඉල්ලා ඇති ලේඛන කඩිනමින් මීළඟ නඩු දිනට පෙර ලබා දෙන ලෙස නියම කර තිබෙනවා. විත්තිය කියා සිටියේ සාධාරණ නඩු විභාගයක් සඳහා එම ලේඛන අත්‍යවශ්‍ය බවයි.

තවද, මෙම නඩුවට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සතු මුල් නඩු වාර්තාව වහාම මහාධිකරණයට කැඳවීමටත්, නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දෙසැම්බර් 18 වැනිදා යළි කැඳවීමටත් නියෝග කෙරුණා.

නාමල් රාජපක්ෂට චෝදනා එල්ල වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ රග්බි ප්‍රවර්ධනය කිරීමට යැයි පවසා ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගැනීම තුළින් මුදල් විශුද්ධිකරණ වරදක් සිදු කිරීම සම්බන්ධයෙනි.

Read more

Local News